(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව පවසා ‘සී අයි ඩී නිලධාරීන්’ ලෙස පෙනී සිටිමින් ඊෂි කෑෂ් ක්‍රමයට රුපියල් කෝටියක් පමණ මුදලක් වංචා කළබව කියන සැකකරුවන් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ අද (30) කරුණු වාර්තා කර ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙහි ප්‍රධාන සැකකරු බන්ධනාගාර ගතව සිටියදී, පාස්කු ඉරිදා ප්‍රහාරමාලාවේ සැකකරු සමග මිත්‍ර වී මෙම වංචාව සිදුකර ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙහි ප්‍රධාන සැකකරු ඇප මත බන්ධනාගාරයෙන් එළියට පැමිණ අනෙක් සැකකරුගේ උදව්වෙන් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ලබාදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු බවත්, රක්ෂිත භාරයේ සිටින අයවලුන් නිදහස් කර දීමට තමන්ට හැකි බවත් පවසා ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව, එම පිරිස් මෙම සැකකරුට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණීලි පහක් මේ වන විට තම කොට්ඨාසයට ලැබී ඇති බවත්, සැකකරුවන් වංචා කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්න වන බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd