(ආනන්ද ඉ ජයකොඩි)
තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් සුළු අලාභ හානියක් සිදු වී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
නිවැසි කාන්තාවක් ඊයේ (30) පස්වරුවේ ගෑස් ලිපක් දල්වා ඉවත්ව යාමත් සමග එය පුපුරා ගොස් ඇති බවත් එම තැනැත්තිය එම ස්ථානයේ රැඳී සිටියා නම් හෝ ඒ සමග ගෑස් ටැංකියත් පුපුරා ගියානම් බරපතල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවද පොලීසිය සඳහන් කළේය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ගුණාත්මක තත්වයෙන් තිබුණු ලංකාවේ වෙළඳ ආර්ථිකය විවිධ රජයන් යටතේ හිටපු ඇමතිලා, මන්ත්‍රීලා සහ රාජ්‍ය සේවයේ ඉන්න SLS ,පාරිභෝගික අධිකාරිය ,TRC ,PHI වැනි ආයතන, පුද්ගලයින් ගේ මුදලට ගිජු කම නිසා පගා ගැනීම් නිසා ,වෙළෙන්දෙකුට, සේවා සපයන්නෙකුට ඕනෙම් කුණු ගොඩක් ජනතාවට දීල බේරිලා ඉන්න පුළුවන් කමක් ලැබිල තියෙනවා. සමහර විට , ලිට්රෝ සභාපති මේ ලඟකදී කියපු අලුත් ගිවිසුමේ ප්‍රශ්නේ නිසාත් ඇතුලේ ඉන්න කොමිස් කාරයෝ කරපු වැඩක් වෙන්නත් පුළුවන්. රජයක් විදියට දවස් 2-3ක් ඇතුලත විසඳුමක් , හේතුවක් හොයා ගන්න පුළුවන් කම තියෙන්න ඕනේ .විශේෂයෙන් ලිට්රෝ එකේ ඉන්න පාලන අධිකාරියට. මතක තියාගන්න ලිට්රෝ කියන්නෙත් රජයේ ලාභ ලබන ආයතනයක්..හැරෙන්නේ පොල් පැළේට වෙන්නත් පුළුවන් !!
ගෑස් ටැංකියක් සමග දුරස්ථ ක්‍රමයට එය දල්වන්න හැකිවන ලෙස කොසු මිටක් වැනි දිග ලීයක් රජයෙන් නොමිලේ ලබා දෙන්න