ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් හි ඔක්ස්ෆර්ඩ් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගිය බව බලධාරීහු පවසති.
මියගිය සිසුන් තිදෙනා 16 හැවිරිදි පිරිමි සිසුවකු සහ 14 සහ 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකු බව බලධාරීහු පවසති.
ගුරුවරෙකු ඇතුළු තවත් අට දෙකු වෙඩි වැදි තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් තුනකට ඇතුළත් කර ඇත.
දෙදෙනකු ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර හය දෙනකු වෙඩි වැදී තුවාල සහිතව යහපත් තත්ත්වයේ පසුවන බව ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ අන්ඩර්ෂෙරිෆ් මයික් මැකේබ් සාකච්ඡාවකදී පැවසීය.
වෙඩි තැබූ සැකකරු 15 හැවිරිදි පිරිමි සිසුවකු වන අතර විනාඩි පහක් ඇතුළත අත්අඩංගුවට ගත් බව එරට බලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd