
(නිමන්ති රණසිංහ)
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් 29 රාත්‍රීයේ සිදුවූ හදීසි විදුලිය බිද වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැය එකහමාරකට පමණ අධික කාලයක් දිවයිනේ ප්‍රදේශ රැසකට සිදුවූ මෙම විදුලිය බිද වැටීම කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ලැබුණු පැමිණීලි රාශියක් හේතුවෙන් තමන් මෙම පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ‘ලංකාදීප’යට පැවසීය.
මේ ආකාරයෙන් පැය ගණනක් විදුලිය බිඳ වැටීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට තමන්ට හැඟී ගිය බැවින් රාජ්‍ය නිලධාරියකු ලෙස තමන් ආරක්ෂක අමාත්‍යාංශයටත් පොලීසියටත් ලිඛිතව මෙම පැමිණීල්ල ඉදිරිපත් කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීය
කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් 29 වැනි දා රාත්‍රී 8 ට පමණ දිවයිනේ හතරෙන් එකක ප්‍රමාණයක ප්‍රදේශයකට විදුලිය බිදවැටීම සිදුවූ අතර නැවත එය යථා තත්ත්වයට පත්වූයේ රාත්‍රී 9 30ට පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd