
(ෂේන් සෙනෙවිරත්න)
දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය .
නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක් මාගේ නැහැ . පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව ඉදිමින් රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා .
අද මෙරට පවතින දේශපාලනයෙන් රටට යහපතක් සිදුවී නැහැ . ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි . අපි ගොඩනඟන්න නගන්න උත්සාහ කරන්නේ එයයි . ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කීපයක් සමග මා සාකච්ඡා කොට තිබෙනවා .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර්ජුන මහත්තයෝ, නාගානන්ද කොඩිතුවක්කු මහත්තයයි, ජනතා විමුක්ති පෙරමුණයි එක්ක එකතු වෙලා අළුත් ගමනක් යමු. එහෙම වුණොත් ඊළඟ ඡන්දයේදී, මගේ ජීවිතයේ දෙවැනි ඡන්දය ඔබලා වෙනුවෙන් පාවිච්චි කරන්න. එදාට මම මුළු පවුල පිටින්ම ලංකාවට එනවා...
ඔබ මේ රටට විශාල සේවයක් කළ අයෙක්... රටට වැඩදායී ගමනක් යන්න මේ ජරා දේශපාලනයෙන් මිදී... ඒ හැකියාව ඔබට තියෙනවා. ඔබට ජය...!
මෙයා හොඳම අවස්ථාවාදී දේශපාලකයෙක්, ඕනෑම වේලාවක වාසි පැත්තට පනිනවා...
පරණ වාහනේ පරණ අය එක්ක අලුත්ගමනක් යනන හදනවා
උත්තරීතර විනිශ්චය! නමුත් නව ආරම්භයකට පෙර ඔබ පුනරුත්ථාපනය කළ යුතුය, එසේ නොමැතිනම් සෝල්බරි ව්‍යවස්ථාව නැවත ස්ථාපිත කළ යුතුය!
මෙච්චර කාලයක් අනාගාමී වෙලා දැන් රහත් වෙලාද.එස් එෆ් වගේ මෙයත් නොදන්න මගුලේ ගිහිල්ලා නන්නත්තාර වෙලා
ක්‍රීඩා පිටියේ දී ඔබ දැක්වූ ආකර්ෂණීය නායකත්වය අපට තවම මතකයි.රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් දේශපාලන ගමනක් යන්න ඔබට හැකි වේවා.
අර අශෝක ව්ද්‍යාලයේ කුඩා දරුවන්ට අසබ්‍යය වදනින් බනිමින් පහර දුන්නේ ඒ දවස්වල. ඒ වගේ ක්රමයක්ද හදන්න යන්නේ?
ඔබ සමඟ එකඟයි.
හොද වැඩක්..... සුභ පතනවා...
කවුරු බලයේ හිටියත් රණතුංග සහෝදරයෝ යහතින් වැජඹෙනවා. මේ ගොල්ලෝ ඇමැතිවරු..., සභාපතිවරු, නැත්තම් ක්‍රිකට් බෝඩ් එකේ ඉහළ තනතුරු.. අයියලා, මල්ලිලා අපිව හොඳට රවට්ටනවා.. මේ සහෝදරයින්ට රැවටෙන්න එපා...