
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යන බවට අනතුරු අඟවා ඇති පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් කොළඹ පිහිටි සමාගමකට ලබාදී ඇති කැණිම් බලපත්‍රය අත්හිටුවන්නැයි මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කමිටු රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.
අඹන්ගගකෝරළයේ ප්‍රාදේශිය ලේකම් හර්ෂ සේනාධිර මහතා කියා සිටියේ මෙම ප්‍රදේශයේ නාය යැම් සිදු වන බවට වාර්තතා නිකුත් කර තිබියදි භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවයි. ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය මේ සඳහා ගතයුතු වුවත් ඒ කිසිවක් සිදුවෙලා නැහැ.
කොළඹ ප්‍රදේශයේ සමාගමක් අනවසරයෙන් කැණිම් සිදු කරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අදාළ පරික්ෂණ පවත්වා කැණිම් කටයුතු නවතා දැමිමට කටයුතු කළා.ඊට පසුව මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි ද ප්‍රදේශීය ලේකම්වරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd