(ඉන්දිකා රාමනායක)

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දෙමින්  දිවයින පුරා පිහිටි සියලුම ආරක්ෂයක සේනා මූලස්ථාන මගින් ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කර ඇති බව හමුදාව පවසයි.

නැගෙනහිර භටපිරිස් මහ කන්නයේ කෘෂීකාර්මික අවශ්‍යතාවයන් සඳහා නිපදවා තිබු  කාබනික පොහොර කිලෝග්රෑම් 91,000 ක ප්‍රමාණයක් ආරක්ෂයක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රණ සිල්වාගේ ප්‍රධානත්වයෙන්  22  සේනාංක මූලස්ථානයේ  දී පසුගියදා සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.

මීට පෙර ඔවුන් ලබාදුන් කාබනික පොහොරවලට අමතරව මෙම මෙම පොහොර තොගය  නිෂ්පාදනය කරන කර තිබු බව හමුදාව සඳහන් කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රො සිල්වාගේ උපදෙස් පරිදි සියලුම ආරක්ෂරක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙන අතර 2021 ඔක්තෝම්බර් මස 26 දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්රෑම් 86,961 ක ප්‍රමාණයක් සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.