
( ට්‍රික්සි කොන්ස්ටන්)
මාරවිල, මූදුකටුව, ගැරේජ් පාරේ පිහිටි නිවසක අද (29 ) ගෑස් ලිපක් පිපිරීමෙන් මුළුතැන්ගෙයි භාණ්ඩ රැසක් විනාශ වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි මාරවිල පොලීසිය කියයි.
ඇනවුම් වලට බත් පාර්සල් ලබාදෙන මෙම නිවසේ පදිංචි ඈන් පුෂ්පා ප්‍රියදර්ශනී (41) මහත්මිය සිද්ධිය පිළිබඳව මෙසේ විස්තර කළා ය.
අපේ ගෙදර මගේ අම්මයි, දුවයි, පුතයි, මගේ නංගියි පදිංචිව ඉන්නවා. දරුවන් පාසැල් යනවා. මම පාන්දර බත් උයන්න නැගිටිනවා. පාන්දර 5ට විතර කුස්සියට අඩිය තියද්දී වීදුරු කටු පෑගුනා. ගෑස් ලිප පුපුරා ගොස් තිබූ බව මම දැක්කා.
කුස්සියේ තිබුණු මිරිස්, කහ, ගම්මිරිස් ඇතුළු කුළුබඩු බෝතල් රැසකට ගෑස් ලිපේ තිබූ ඝනකම් වීදුරුව පුපුරා කෑලි වැදීමෙන් බිඳී විසිවී තිබුණා. අපිට පාන්දර 3ට විතර සද්දයක් ආවත් එච්චර ගණන් ගත්තේ නෑ.
ගෑස් ටැංකියට සබන් ටිකක් ගාලා වතුර වත් කරලා බැලුවා. පෙන දාන්න ගත්තා. අද (29) දවලුත් ටැංකිය උතුරනවා. මේ ගෑස් ලිප, රේගියුලේටරය, බට අරගෙන තව මාස හයක් වත් නෑ, ගෑස් ටැංකිය අරගත්තේ මාරවිල පෙට්‍රල් ෂෙඩ් එකකින්. ස්වයං රැකියාවක් වශයෙන් මම නිවෙස් වලට, ආයතන වලට බත් පාර්සල් දීම සිදු කරනවා. වෙච්ච පාඩුව මට හරිම විශාලයි. වගකිවයුතු කෙනෙක් නෑ. අපි ගැන හරියට හොයන්න කෙනෙකුත් නෑ.
සිද්ධිය සම්බන්ධව මාරවිල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බවද හදිසි ඇමතුම් අංශයේ (119) නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂාවක් කළ බවද ගෑස් මහත්මිය කීවාය.
මේ පිලිබදව මාරවිල පොලිසියෙන් විමසීමක් කළ විට මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ප්‍රියන්ත රත්නායක මහතා පැවසූයේ 119 පණිවුඩයක් හරහා තමන් ඒ පිළිබඳව විමර්ශනයකට නිලධාරීන් යෙදවූ බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දේවල් වෙද්දී කිසිම ක්‍රියාමාර්ගයක් නැත්තේ ලංකාවේ ආණ්ඩුවක් නැද්ද?
මේකෙදී සිදුවන්නේ එම වීදුරුව පිපිරීමක්... මේක අපේ ගෙදර දැනට මාස කීපයකට පෙර වුණා. ඒ සිද්ධියම ඇසින් දුටුවා.. වතුර ටිකක් වැටුණාම රත්වුණු වීදුරු පිපිරෙයි. වර්තමාන ගෑස්ටැංකි පිපිරීමට මේක සම්බන්ධ නෑ.. මිනිසුන් බය කිරීමෙන් වළකින්න.
කරුණාකරලා ඥාණක්කාටවත් කියලා මේ කරුමෙට පිළියමක් යොදන්න තවත් මරණ හා ආපදා සිදුවීමට පෙර... එයාට මේක නවත්වන එක සුළුදෙයක්...