(රන්ජන් කස්තුරි)
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක අද (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
මහවැලි ජලාශ බලාගාරවල විදුලිය ජනනය නතර වී ඇති බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩි දුරටත් කීය.
මෙම විදුලිය බිඳ වැටීමෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි ප්‍රදේශ සංඛ්‍යාවක විදුලිය බිඳ වී ඇති බවත් කොළඹින් පිටත දඹුල්ල ආදි ප්‍රදේශ රැසක ද විදුලිය සැපයුම බිඳ වැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංඩලේ විදුලි ඉංජිනේරුවන් නම් පංකාදුයි. කොච්චරවත් බිඳ වැටීම්. හරිනම් අපෙන් විදුලියට අය කරනවා වගේ බිඳ වැටීම් වලදී වෙන පාඩුවට අපිට ගෙවන්න ඕන
අපිට දැන්වෙන කරදර හැටියට ඕක ගණන් ගන්නවත් බැහැ. සුළු දෙයක්
ඉන්ජිනේරු විමලසුරේන්ද්‍ර මැතිතුමා වන් මහා පුරුෂයන්ගේ වෘත්තියට කරන්නාවූ පිලිකුල් සහගත නිග්රහයකි.
ලයිට් තිබුණත් ඉතිං අපිත් කරුවලේ වගේ තමයි.