( තිළිණි ද සිල්වා )

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) රාත්‍රියේ සිට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල - කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය  වැඩිදුරටත් සඳහන් කර ඇත .

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින අලුයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇත.

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.