(අංජුල මහික වීරරත්න)
රටෙි ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අද (29)උපදෙස් දුන්නේය.
වසරින් වසර ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන සත්වයින්ගේ ප්‍රමාණය ඉහළ යා යුතු වුවද වසරක් පාසා කිරි ගවයන් වැනි සතුන් ආනයනය කීරිමට සිදුව ඇති හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව ගෘහාශ්‍රිතව සිටින කිරි ගවයන්, කුකුළන්, තාරාවන්, එළුවන් ආදි සතුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගෙන ඔවුන්ගේ බෝවීම, කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය යනාදී කරුණු විශ්ලේෂණය කර වාර්ෂිකව සත්ව ගහණය වැඩිවීම හා එමඟින් ජාතික ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව වාර්තා ලබා ගන්නා ලෙසද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මානව ගහනය...? මේ රජය නොමරා පණපිටින් කන්නේ... හරියට සංගණනයක් ගත්තොත් කොච්චර කාලෙකට මස් ඇතිද කියලා...
පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒකට ඇතුල් කරනවද? නැද්ද?
ඒ සංගණනයට නම් නුඹලා ලොවෙත් අහුවෙන්නෑ...
ආර්ථිකය කන සත්වයින් 225ක් ඉන්නවා දියවන්නාව පැත්තේ...!!!
මීහරක් නම් ලක්ෂ 68ක් ඉන්නවා කියල කව්ද කිව්වා
සංගණනයෙන් පසු මොනා කරන්නද?
ඉස්සරහට එන්නේ නත්තල්
මුලින්ම අපි මෙයාගෙන්ම සංගණනය පටන් ගනිමු
ඔයා ඉල්ලන එක ඕනේතරම් ඉන්නවා දියවන්නාවේ. සංගණනයක් කරන්න අවශ්‍ය නැහැ. ඕවා හොඳටම බෝවනවා. එහම බෝවන නිසානේ අවුරුදු 73ක්ම පරම්පරාවෙන් පරම්පරාවට රට පාලනය කරන්නේ... අද මේ පරම්පරාව පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන, තානාපති කාර්යාලය, සංස්ථා සමාගම් සේරම ආක්‍රමණය කරලා...
පාර්ලිමේන්තුවේ ඉන්න සත්තුන්ගෙන් නම් ආර්ථිකයට හයියක් නෑ.
ආර්ථිකය කාබාසිනියා කරන 225 ඇතූලේ ඉන්න සත්වයින්ව සංගණනය කරන්න ඉක්මණින්...
ඇයි ඔබ ඇතුලු පාර්ලිමේන්තුවේ ඉන්න 224 සහ ආණ්ඩුකාරවරු මෙන්ම, ඒ ඒ පළාත්වල ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් දක්වන පළාත් සභා නිලධාරීන්. ඇයි තව පුරපතිවරු, නගර සභා සභාපතිලා ප්‍රාදේශීය සභාවල සභාපතිලා ඇතුලු අනිකුත් දේශපාලකයින්... ඩඩ්ලිලා වැනි කලුකඩ මුදලාලිලා. අයියෝ මහින්දානන්ද මහත්තයෝ, මට බාර දෙන්නකෝ වැඩේ. මම හරියටම සංගණනය කරලා දෙන්නම් අපේ ආර්ථිකයට සහාය දෙන සත්තු ටික මොක්කුන්ද කියලා..
මේ වගේ වැඩ කරන්න පෙර ආණ්ඩු දෙකෙන්ම ගෙන්නූ කිරි ගවයන් මැරුණු හේතුවත් අල්ලස් ගත් අයවත් නීතියට පැමිණවිය යුතුයි නේද? මින් රටට අහිමිවූ ඩොලර් ප්‍රමාණය ගැන වගක් නැත්තෙ හැමෝම හොරකමට ලයිසන් දී හෝ බලෙන් ලයිසන් අරන් ඇවිත් නිසාද? හැට නම ලක්ෂයට කියමු ගවයන් ගනින ගමන් අගට ලක්ෂ හැට නමයකුත් එකතු කරන්න කියලා.
ආර්ථිකයට හයියක් දෙන සත්වයන් ගැන අමුතුවෙන් සංගනනය කරන්න අවශ්‍ය නැ! හැබැයි ආර්ථීකය මහ දවල් මංකොල්ලකමින්, විනාශ කරන සත්තු සෙට් එකක් නම් දියවන්නා ඔයේ ඉන්නවා
හරක් හෝ එළුවන්ගේ ගණනකට තව එකක් එකතු කළ යුතුයි. දෙකෙන් කොයි වර්ගයටද කියලා තමයි ප්‍රශ්නේ.. ඌරන්ගේ ගාණට වුණත් දාන්න පුළුවන් මගේ හිතේ...
කිරි ගවයෝ ආනයනය කරන්නේ කොමිස් කන්න.. ඕකට සත්තු ගණන් කරන්න කියලා තව කෝටි ගාණක් මහජන සල්ලි විනාශ කරන්න ඕනෑ නැහැ..
බූරුවන් ලක්ෂ 68යි, මීහරක් 225යි කියලා දාගන්න.