(සුමිත් ප්‍රේමතිලක)

රුපියල් ලක්ෂ 15 ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදිපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ගැබිනි කතක් ඇතුළු කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි .

විදේශ රටක සැගව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන "රත්මලානේ සයිමා " ගේ මත්කුඩු පානදුර ප්‍රදේශයේ බෙදාහරින කාන්තාවන් දෙදෙනකු බව කියන කතුන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

විශේෂ පොලිස් කණ්ඩායමක ගොරකාන සුසාන භූමිය ආසන්නයේදී මොරටුව දෙසින් පැමිණි යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රැම් සියයයි මිලිග්රැම් 820 සහ ජාවාරම් මුදල් රුපියල් හතලිස් එක්දහස් එකසිය පනහක් සොයාගත් බව පැවසේ ජාවාරම සදහා යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදිය සහ ජංගම දුරකථන 4 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.