වරාය නැ‘හිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු මූලික කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පවසයි. 11 July 2021
15 දැරිය අපයෝජනයට එස්.අයි සහ බැංකු හිටපු කළමනාකාරවරයෙක් දැලේ අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 11 July 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජ‘පුර වෛද්‍ය පීඨයේ කොරෝනා අංශයට විශේෂ පරීක්ෂණ කට්ටල කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමට තෝරාගත් ලෝකයේ රටවල් පහක ආයතන පහක් අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයද ඇතුළත්ව ඇත. 11 July 2021
වෛද්‍යවරියට නොහොබිනා වැඩක් කළ වෛද්‍යවරයා අත්අඩංගුවට සිය නේවාසිකාගාරය තුළ ඇදුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප ගත් බව කියන තවත් වෛදවරයකු අත් අඩගුවට ගත් බව රාගම පොලීසිය පවසයි. 11 July 2021
කොහේ ගියත් උද්ඝෝෂණ අතාරින්නේම නෑ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක නිරත වූහ. 11 July 2021
දුම්රිය 100ක් හෙට සිට ධාවනයට බස්නාහිර පළාත තුළ හෙට සිට දුම්රිය ගමන්වාර සියය දක්වා වැඩිකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. 11 July 2021
ඉහළ කොත්මලේ වාන් දමයි ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවත් දුරටත් ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති. 11 July 2021
‘‘ඇප ලබන අය නිරෝධායනයට බලෙන් රඳවා ගැනීම ප්‍රශ්නයක්‘‘ අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී හා නීතිවිරෝධී වන බවත් , එසේම එම ක්‍රියාව අදාළ අධිකරණවලට කරන අපහාසයක් යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී. 11 July 2021
‘ආණ්ඩුව එක්ක හැප්පෙන්න සියලු බලවේග එක්විය යුතුයි‘ ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග’’හැප්පිය’’ යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 July 2021
හංවැල්ලේදී ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ 4 ක් අත්අඩංගුවට හංවැල්ල ඇඹුල්ගම ප්‍රධාන පෙලේ ටයිල් සමාගමක් ආසන්නයේදී කප්පන් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට තියුණු ආයුධවලින් පහරදුන් පාතාල සාමාජිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි 11 July 2021
වැස්සෙන් පීඩාවට පත් ජනතාව බේරාගන්න නාවික හමුදා සහන කණ්ඩායම් 25ක් වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවේ 25ක සහන කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි. 11 July 2021
ජාවාරම්-කාන්තාවන්ට සිදු වන අපරාධ විමර්ශනයට විශේෂ වැටලිම් ඒකකයක් කප්පම් ගැනීම් ,මත්ද්‍රව්‍ය ජාවාරම,දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නූතන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ වැටලීම් ඒකකය ලඟදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 July 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙනත් හෝටලයකට ඉන්දීය පිලට එරෙහිව මේ මස 18 වෙනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 11 July 2021
නිරෝධායනය කැඩූ 214 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 214 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 July 2021
වැස්ස අද සිට ක්‍රමයෙන් අඩු වෙයි දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අද (11) සිට ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 July 2021
තරුණයන්ට ජපන් රැකියා සිහිනය දි මුදල් ගැරූ කතක් පොලිස් දැලේ ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත . 11 July 2021
හෂීස් මත් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ භට කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රියේ 10.30 ට පමණ මාලඹේ සුසිලාරාම පාරේ සිදුකළ විශේෂ වැටලීමක දී හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. 11 July 2021
සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් කටුනායකට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි. 11 July 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. 11 July 2021
සංචාරක ක්ෂේත්රයේ නියුතු අයට කොරෝනා එන්නත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු දහසකට ආසන්න පිරිසකට අද (10) දිනයේ සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබා දුන් බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 10 July 2021
ආසාදිතයන් පළමු වටයේ 919ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 919 දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 July 2021
කොරෝනා මරණ තවත් 33ක් කොවිඩ් ආසාදිතවූ තවත් 33 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 July 2021
වැස්සෙන් 5777 පිඩාවට තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 July 2021
’’කාබනික පොහොර විප්ලවය ආපස්සට හරවන්න දෙන්නෙ නෑ’’ රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 10 July 2021
දූවේමෝදර ගඟේ ගිය සියාගෙයි මුණුපුරෝ දෙදෙනාගේයි සිරුරු හමුවෙයි කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි සියාගේ හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 10 July 2021
බ්ලොක් ගලෙන් ආ මාරයා රියැදුරා ඩැහැගනී වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක බ්ලොග් ගල් කිහිපයක් වැටීමෙන් මෝටර් රථයක සිටි රියදුරෙකු රාත්‍රී මෝටර් රථය තුළදීම මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. 10 July 2021
සබරගමුවේ ප්‍රා.ලේ. අටකට ‘‘ඇම්බර්‘‘ නිවේදන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට නායයාමේ දෙවන (ඇම්බර්) මට්ටමේ පූර්ව අවදානම් නිවේදන අද දහවල් (10) නිකුත් කර ඇත. 10 July 2021
‘‘එක්ස්ප්‍රස්‘‘ කාර්ය මණ්ඩලයේ හත් දෙනාට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට එම නෞකාවේ දේශීය සමාගමේ සේවකයන් හත් දෙනකු එක් අයෙකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (10) නියෝග කළේය. 10 July 2021
පුත්තලම - කොළඹ මාර්ගයට ගසක් වැටේ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ වසර ගණාවක් පැරණි විශාල නුගගසක් කඩා වැටී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකර ඒකකය පවසයි. 10 July 2021
කොරෝනා එන්නත් ලොකුම තොගය හෙට දිවයිනට චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 10 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026