(කේ බුද්ධික කුමාරසිරි සහ  අජිත් නන්දන )

හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයක් ගෑස් ලිපට සම්බන්ධකර සුළු වේලාවක් තුලදී එම ගෑස් ලිප පුපුරා ගිය බවට එම  නිවසේ කාන්තාව අද  (29)  උදෑසන පැමිණිල්ලක් සිදු කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

 ගෑස් සිළින්ඩරය ඉකුත් 24 දින හංවැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිලට ගත් බවත් ඊයේ  (28) දින රාත්‍රී පලමුවරට ගෑස් ලිපට සම්බන්ධ කර වතුර රත් කිරීමට කටයුතු කල අවස්ථාවේදී එක්වරම යමක් පුපරා යන හඩ ඇසී විත් බලන විට ගෑස් ලිප පුපුරා ගොස් තිබෙන දැක වහාම නිවසින් පිටත තිබූ ගෑස් සිලින්ඩරයේ ගෑස් ලබාදීම වසා දැමීමට කටයුතු කල බවත් මෙම  කාන්තාව සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි

අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් ගෑස් සිලින්ඩරය ගලවා ඉවත් කර එහි ගෑස් නිකුත් වන ස්ථානයට සබන් පෙන ස්වල්පයක් දැමීරෙම්දී එම ස්ථානයෙන් වායු බුබුළු පිටවන ආකාරයක් දකින්නට ලැබුණු  බැවින් ගෑස් අලෙවි නියෝජිතයා ඒ පිලිබදව දැනුවත් කර ගෑස් සිලින්ඩරය නිවසේ පිටතින් තැබීමට කටයුතු කල බවද අදාල පැමිනිල්ලෙහි වැඩි දුරටත් සදහන් බව බවද පොලිසිය පවසයි.