(රංජිත් රාජපක්ෂ)                          

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග මාස 08 පමණ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද  (29) යළි  ආරම්භ කෙරිණි .

මේ අනුව පොඩි මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්,බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවන කටයුතු සිදුකෙරිණි.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කල පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය (29) දින දහවල් 1 පමණ මාස 08 කට පසු තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදි දුම්රියන් දෙක මාරුවිය.

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියේ ගමන් කිරිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කලහ.