
(යොහාන් භාසුර සහ නිමල් ජයශාන්ත)
කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර ගොවියාට වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රජය එකවර ගොවියා කාබනික පොහොර වැඩපිළිවෙලකට රැගෙන නොගිය බව කී රාජ්‍ය අමාත්‍යවරයා රසායනික පොහොර ඉවත්කර ගොවියා කාබනික පොහොර සඳහා යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂ රජය මීට වසර 30 කට පෙර සැළසුම්කර තිබූ බව ද සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ ගැන නිලධාරීන් සහ මහජනතාව දැනුවත් කිරීමට පැවැති රජයන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කර ඇති බවත් ලෝක බැංකුව හරහා ව්‍යාපෘති අනන්ත අප්‍රමාණ ගෙනවිත් ඇති බවත් පළාත් සභා හා පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීය.
රට තුළ රසායනික පොහොර, වල්නාශක සහ කෘමිනාශක ප්‍රමාණයක් ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කීවේ වී සහ සහල් මාෆියාව වගේම කළු කඩ මුදලාලිලා ගොවීන්ට අධික මිල ගණන්වලට ඒවා ලබාදුන හොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
රජය ලබාදෙන නැනෝ නයිට්‍රිජන් පොහොර අධික වර්ෂාව නිසා දිය වී ගියහොත් රජයෙන් මැදිහත් වී පොහොර වරක් නොව දෙතුන්වරක් වුවද ලබාදීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් අතර පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙන් පේන්නේ, ඔහු අයවැයට ඇහුම්කන් නොදුන් බවයි.
ඒවා දවල් හීන...
ඔව්, පරිපූරක ඇස්තමේන්තු කියන්නේ ඒ ගොල්ලන්ගේ පුද්ගලික මුදල්නේ...
ආ..! ඒවත් ගෙවන්න ඕනැ අපිද? ඔක්කොම ගෙවීම් අපෙන්... කොමිස් විතරක් දේශපාලුවන්ගේ...? කරුණාකර කාබනික පෝරවලින් ගත්තු කොමිස්වලින් ගෙවන්න.