‘අසාද් සාලිගේ’ පත්සම සළකා බලන්න දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් මස 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. 21 September 2021
“රටවල් කිහිපයක් තවමත් ලංකාවට සංචරණ සීමා පනවලා’’ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව යන රටවල් තවමත් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 September 2021
කබ්රාල්ට මහ බැංකුව දීම කාවුන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 September 2021
හිග විදුලිබිල් ගෙවීමට සහනයක් කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 21 September 2021
’ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන්වීමෙන් මහජන ආරක්ෂාව අවදානමේ’ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීමෙන් රටේ මහජන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවැසීය. 21 September 2021
හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේටත් කොරෝනා මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 September 2021
ෆයිසර් මුලින්ම උසස් පෙළ දරුවන්ට අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවැසීය. 21 September 2021
රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 21 September 2021
විදුහල්පති සංගමයේ සභාපති-ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් සී.අයි.ඩී යට ශ්‍රී ලංකාවේ ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 21 September 2021
හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 21 September 2021
අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නැවැත්වීමට හැකි ඉක්මණින් පියවර ගතයුතු යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහා අවලංගු කරන්න රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනාශකාරී පොහොර ගෙන්වීමට සුදානම් වූ පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 21 September 2021
ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 21 September 2021
නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 21 September 2021
‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘ වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
අද විටින් විට ගිගුරුම් සහිත වැසි සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
‘‘අවංකව සේවය කළ මා පැන්නිමට ඇමැතිවරුන් දෙන්නකු මුල්වෙලා‘‘ සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 21 September 2021
ජනපති හා කුවේට් අගමැති අතර හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී හමුවිය. 21 September 2021
යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත. 20 September 2021
ලංකාදීප වෙබ් පුවත ඵලදරයි:ගම්පහ රෝහලට වෛද්‍ය උපකරණ කොරෝනා වයිරසය ආසාදිත රෝගීනට ප්‍රතිකාර කිරිම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලට රුපියල් ලක්ෂ 23ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යා කිරීමට ව්‍යාපාරිකයෙක් අද කටයුතු කළේය. 20 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 673ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 673 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 September 2021
මත්පැන් අලෙවිය නවත්වන්නැයි මුදල් අමාත්යට ලිපියක් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගැටලු රැසක් ඇති වන බවත් මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ. 20 September 2021
“ඇඳිරිනීතිය මැද්දේ බාර් විවෘත කිරීම අනුවණ ක්‍රියාවක්’’ නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙලා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත හා අනුවණ ක්‍රියාවක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. 20 September 2021
ආණ්ඩුව දැන් අලුත් නාට්‍ය පෙන්වනවා පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකය ආණ්ඩුව විසින් නැවතත් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 September 2021
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ කතක් නිදොස් කොට නිදහස් කරයි හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. 20 September 2021
කොවිඩ් මරණ 93ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 93 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 836ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 836 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 September 2021
“පාර්ලිමේන්තුවෙන් පිටත සිට වැඩකිරීමට සූදානම් වන්න’’ පාර්ලිමේන්තුවෙන් පිටත සිට වුව ද සැලසුම් සහගත වැඩකොටසක් කිරීම සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හමුවේ පැවසීය. 20 September 2021
ෆයිසර් තවත් ලක්ෂ හතළිහක් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 40 ක් ලබාදීමට එම සමාගම එකඟ වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 September 2021
ෆයිසර් ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පුහුණුවක් ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 September 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026