පෞද්ගලික බස්රථ රක්ෂණයට සහනයක්
‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි බස්රථවල වාර්ෂික රක්ෂණ ගාස්තුවේ දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාදීමට රක්ෂණ සමාගම් එකඟ වූ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යයේ උසස් නිලධාරියකු පැවසීය.