(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය.
කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍ය, භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාටඨ ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක මහතා රංගනයෙන් දායක වී ඇත.
අතර නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතයවීම විශේෂත්වයකි. තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.
ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත. තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී හෙට (21) පස්වරු 6.00ට සිදුකෙරේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තිස්ස බණ්ඩාරනායක දිවි රඟමඩලින් බැස යයි
අප්පුහාමි Sunday, 20 February 2022 06:58 PM
අජරාමර නිවන්සැප ලැබේවායි පතමු...
iks chandrasiri Sunday, 20 February 2022 08:36 PM
නිවන් සුව ලැබේවා...! අද තමයි මෙතුමගේ නම හරියට දැනගත්තේ...!
ගමේ එකාලා Sunday, 20 February 2022 11:17 PM
ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!!!
Shan Monday, 21 February 2022 06:09 AM
මේ කලාකරුවන්ට මේ රජය සලකනවා හොඳටම මදි.. හරිම දුකයි. නූගත් රජයක්. නිවන් සුව ඔබට...!
SUNIL MILANO Monday, 21 February 2022 12:47 PM
ඔබතුමා තම මවුබිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගරු කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...