IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මැතිසබයේ තවත් 11 කට කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවෙන්  කොවිඩ්  ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට  ඊයේ යොමු කෙරුණු අතර  ඉහත සේවකයන් එකොළොස්  දෙනාට  කොවිඩ්  ආසාදනයවී ඇතැයි  තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණවලදී යැයිද  ඔහු පැවසුවේය.

පාර්ලිමේන්තුවේ කොවිඩ්  පැතිරීම තරමක් අඩුවී ඇතැයි   වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ්  ආසාදිත සේවකයෝ 11 දෙනා  නිවෙස් ගත නිරෝධායනයට යොමු කරනු ලැබූහ.

පාර්ලිමේන්තුවෙන් පසුගිය සති කිහිපයේදී පමණක් කොවිඩ්  ආසාදිත සේවකයන්   සියයකට වැඩි පිරිසක්  සොයාගත් බව එහි ප්‍රධානීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතර දෙනෙක් කොවිඩ්  රෝගයට මේ දක්වා ගොදුරුවී සිටිති.



අදහස් (0)

මැතිසබයේ තවත් 11 කට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site