අද දවසේ කාලගුණය මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2021
කාබනික ගොවිතැනට යුරෝපා සංගමයේ සහය ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 23 September 2021
‘‘ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘ ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින්අද (22)රාත්‍රියේ ප්‍රකාශ කළේය . 22 September 2021
රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී ඒ මහතා කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. 22 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 464ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 464 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 September 2021
ලොහාන්ගේ සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තාව සති දෙක තුළ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් සිදුකරන පරීක්ෂණයේ ‘අවසන් වාර්තාව’ ඉදිරි සති දෙක ඇතුළත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 22 September 2021
ආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවා රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 September 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිල වැඩි කළ යුතු යැයි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටින බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 22 September 2021
’’කෙරවලපිටිය සම්බන්ධයෙන් ඇත්තේ සංකල්පීය එකඟතාවක් පමණයි’’ කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම ගැන මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බවත් දැනට පවතින්නේ දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුලු වූ 10ක් රිමාන්ඩ් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වූවැයි කියන සැකකරුවන් 10 දෙනකු මේ මස 24 වෙනි දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි ලෙස පොලොන්නරුව දිසා මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය. 22 September 2021
දුම්වැටියෙන් 97 පියා මරු වැළඳ ගනී වනාතවිල්ලුව කරතිව් නිවසකට ගිනි ඇවිලීමෙන් එහි සිටි 97 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 September 2021
පසුපෙළ මන්ත්‍රීවරු ඇමැති - මන්ත්‍රි දේශාපාලන ගැටුමට මැදි වෙති මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩි.ජගත් කුමාර මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් වී සිටී . 22 September 2021
රුහුණේ උපකුලපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව ආචාර්වරුන්ගේ සහ සේවකයන්ගේ ද අයිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක් බාරදුන්නේය. 22 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 878 ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත්878 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 September 2021
වඩිවෙල්ගේ වරප්‍රසාද ප්රශ්නය අධිකරණ තීන්දුවෙන් පසුව ගන්න ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ රාජගිරිය කාර්යාලයේ ඉකුත් සැප්තැම්බර් 8 වැනිදා වූ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයට සම්බන්ධ කාරණය පිළිබඳව අධිකරණයට අපහාස කිරීමෙි නඩුවක් ද විභාගයට ගැනෙන බැවින් එය කතා කළ යුත්තේ අධිකරණ තීන්දුවෙන් පසුව යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2021
“චෝදනා ඔප්පු කළහොත් එම දේපළ පවරනවා’’ තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ ඔප්පු කරන අයට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2021
දරුවන්ට උගැන්වූවැයි තර්ජනය කළ ගුරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ගේ නාම ලේඛනයක් වට්ස් වටස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රදර්ශනය කිරීම සහ ගුරුවරුන් කිහිප දෙදෙනකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 22 September 2021
මිලින්ද මොරගොඩ ඉන්දීය ජනාධිපතිට අක්තපත්‍ර පිරිනමයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී ඊයේ (22) ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය. 22 September 2021
කොවිඩ් මරණ 92ක් කොවිඩ් ආසාදිතවූ තවත් 92 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 September 2021
“සූජීවා’’ ඇතින්න-පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි අතුරු නියෝගයක් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ’’සුජීවා’’ නැමැති ඇතින්නිය සහ තුන් මාසයක් වයසැති ඇයගේ පැටවා කිසිදු පාර්ශවයක් වෙත මුදාහැරීමෙන් වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ එම දෙපාර්තමේන්තුවට එරෙහිව අද (22) අතුරු නියෝගයක් නිකුත් කළේය. 22 September 2021
රන්ජන්ට ලැබුණු දඬුවම් බරපතල වැඩියි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩිය යන්න තම පුද්ගලිකව අදහස යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි පොලිස් නිලධාරියකු මෝටර් රථයක බොනට්ටුව මත සිටියදී අනතුරුදායක ලෙස මෝටර් රථය පදවා පසු ව එම පොලිස් නිලධාරියා අනතුරට ලක් කිරීමට යොදාගත් මෝටර් රථය තලංගම බටපොත දේවාල පාරේ නිවසක සඟවා තිබියදී අද සොයාගත් බව තලංගම පොලිසිය කියයි 22 September 2021
රනිල්ට-රංගේට වාරණ නියෝගයක් දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 19 දෙනකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හා පක්ෂයේ විනය කමිටුවේ ලේකම්ට එරෙහිව අද (22) වාරණ නියෝගයක් නිකුත් කළේය. 22 September 2021
ජගත් සමුළුව අමතන්න ඉඩ දෙන්න - තලේබාන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමැතීමටත් තමන්ට අවස්ථාවක් දෙන්නැයි ඇෆ්ගන් තලේබාන්වරුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 September 2021
පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳුන්ට කෝටි දෙකක දඩයක් පාරිභෝගික කටයුතු අධිකාරිය(සංශෝධන) පනත් කෙටුම්පත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නියෝග පාර්ලිමේන්තුවේ දී අද (22) පස්වරුවේ සම්මතවිය. 22 September 2021
දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 September 2021
’අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් නෑ’ කිරිපිටි, ගෑස්, සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් රජය ගෙන නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 September 2021
සාමාන්‍ය පෙළ-2020 ප්‍රතිඵල තවත් ප්‍රමාද වෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2020) ප්‍රතිඵල නිකුත් කරන දිනයක් තවම කිව නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 September 2021
‘අමරදේව අසපුවේ කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නවා’ මේ වන විට අතරමග නැවතී ඇති ‘අමරදේව අසපුවේ’ ඉදිකිරීම් කඩිනමින් අවසන් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
මාලදිවයිනට වැලි ඇද්ද චෝදනාව අමරවීර ප්‍රතික්ෂේප කරයි මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා කළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 September 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026