(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්‍යක්ෂජනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) පෙරවරුවේ බාරදෙනු ලැබීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා බාර දෙනු ලැබූවද නීතිමය හේතු මත ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.
කොමිසමේදී අනාවරණය කෙරුණු සාක්ෂිද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන් එම වාර්තාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඉල්ලීම් කළහ.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ඒවා පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පසුව උපදෙස් දුන්නේය.
අදාළ ලිපිගොනු සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට ඊයේ බාරදීම සිදු කෙරුණේ ඒ අනුවය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි පාර්ලිමේන්තුවට
Eri Claud Tuesday, 22 February 2022 01:48 PM
මෙය කාපට් එක යටට යයි.
Cisco Tuesday, 22 February 2022 01:54 PM
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මෙහි තිබෙන සාක්ෂි අපිටත් හරියට කියන්න. මේවා මහජනතාවට පරිශීලනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔක්කොම බලන්නේ පාට කණ්ණාඩිවලින්නේ.. එවිට අපිටත් පේන්නේ ඔවුන්ගේ කණ්ණාඩිවල පාටින්මයි. අපේ නිදහස් මනසට හරි දේ ලැබෙන්නේ නැහැ.
fairoos Tuesday, 22 February 2022 04:02 PM
අපරාදෙ සල්ලි... ඊළඟ ආත්මෙදි තමයි දඬුවම් දෙන්න වෙන්නේ...!