IMG-LOGO

භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200කට පණ දෙයි

(යොහාන් භාසුර)

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, නැවත ධාවනයට එක්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී අද (22) පැවැත්විණි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් විස්තර විමසා ඔවුන් දිරිමත් කළේය.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටුවීමෙන් බස්රථ හිඟයට හා විනිමය ඉතිරිකිරීම සඳහා අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගත් බවත් එහි පළමු අදියර යටතේ බස් රථ 273 ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 වසරේ දෙසැම්බර් කටයුතු කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200 ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු බවත් ඒ සඳහා රුපියල් මිලියන 136 ක් වැය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ සහ ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (4)

භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200කට පණ දෙයි

Janindu Tuesday, 22 February 2022 03:24 PM

NC නොම්මර ආපු බස් මෙච්චර ඉක්මනට ඉවත් කරාද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 22 February 2022 03:42 PM

ලංගමයේ ධාවනය වන බස් අතර හුඹස්ද තිබෙනවා. ඩීසල් ඉහිරිලා. හැම කෑල්ලක්ම හෙලවෙනවා. ටිකක් වේගය වැඩි කළාම ඇතුළේ ඉන්නට බැහැ සද්දේ. මේවා අලුත්වැඩියා කළාට වාහනය පරණයි. මේ වගේ පරණ බස් කබල් නැවත අලුත්වැඩියා කරත් ඉතා කෙටි කලකින් අනතුරුව ඒවා නැවත අබලන් වෙනවා. මෙවන් අවස්ථාවලදී වාහන ගැන දන්නා අය කියනා කියමනක් තමයි කොපමණ හැඩ කළත්, ආච්චිව මනමාලියක් කරන්නට බැහැ කියනා කතාව. මේ කබල් බස් අළුත්වැඩියාව පසෙක තබා මේ වැයවූ විශාල මුදලින් ඉන්දියාවෙන් අලුත් බස් සෑහෙන ප්‍රමාණයක් ගෙන්වීමට පියවර ගත්තේ නම්, කෙතරම් අගනේද? මේ උපදේශකවරුන්ගේ අනුවණ උපදෙස් නිසා තාවකාලික හොඳක් පෙනුණත්, එය පසුකාලීනව හොඳක් නොවනු ඇත. ඒ උපදේශකයින් පාර්ලිමේන්තුවේ අබලන් මිල අධික වාහන අලුත්වැඩියා කොට දේශපාලකයින් හට ලබා නොදෙන්නේ ඇයි? එසේම තමන්ගේ අබලන් වාහනද එසේ නොකරන්නේ ඇයි? අලුත්වැඩියා කළ වාහන ඒ අය භාවිතා කරන්නේ නැහැ. ඒත්, මුදල් ගෙවා යන ජනතාවට යන්න කබල් බස් අලුත්වැඩියා කොට දීම සුදුසුයි. අපූරු වැඩ...

:       0       0

fairoos Tuesday, 22 February 2022 04:04 PM

සර් වතුරෙන් දුවන්න පුළුවන්ද කියලා හොයලා බැලුවොත් නරකද? රටම කොට උඩතියලා මෙයා පරණ බස් හදනවා.

:       0       0

menna Wednesday, 23 February 2022 10:41 AM

වැඩේ හොඳයි. නමුත් මේ බස්වල පිටපැත්ත වහලේ තීන්ත ගාලා තිබුනේ නැති එක වීඩියෝ වලින් දැක්කා. දෙකක් බැරිනම් එකක් හොඳටම අලුත් වැඩියාකරන්න. තව අදහසක් හැටියට බස් අලුත් වැඩියාකරද්දී ගමනාගමනයේදී ඇතිවෙන ගැස්සීම අඩු කිරීමට හොඳ සස්පෙන්ෂනුත් දාලා අලුත් වැඩියා කළොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site