IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමට පත්වන්නේ නැහැ

 

(සුජිත් හේවාජුලිගේ)

තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව හිරු රූපවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය.

නිවෙසට පහරදීමේ සිද්ධිය සම්බන්ධ කාරණයක් ගැන විමසීමට තමා පොලිස්පතිවරයා දුරකථනයෙන් ඇමතීමට කීපවරක්ම උත්සාහ ගත්තත් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බවද සමරවික්‍රම මහතා පැවැසුවේය.

රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම ගැන තවම පරීක්ෂණ පවත්වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසූ හෙතෙම මෙම පරීක්ෂණය පොලීසියේ විශේෂ අංශයකට පැවරීමට පවා පොලිස්පතිවරයා කටයුතු කර නැතැයිද චෝදනා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද චමුදිත සමරවික්‍රම මහතා කීවේය. නිවෙසට පහරදීමේ සිද්ධියෙන් පසු තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැති බවත් මේ තත්වය යටතේ තමාගේ ජීවිතය තවදුරටත් අනතුරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (11)

ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමට පත්වන්නේ නැහැ

kamal Sunday, 20 February 2022 07:45 PM

ප්‍රහාරය වෙන දවසේ හොඳ වෙලාවට අපි වෙනම කාමරයක නිදා ගත්තේ, ඔහු නොකියන කතාව කුමක්ද?

:       13       26

fairoosMonday, 21 February 2022 12:24 PM

කමල් කියන්නේ මේ ප්‍රහාරය ඔහු විසින්ම කරගත්තා කියලනේ... මේ වගේ වහලුන් ඉන්නකන් රටට අබ සරණයි.

:       3       6

Kasun Sunday, 20 February 2022 09:26 PM

මෙයා හිතා ඉන්නේ වටිනා ජාතික සම්පතක් කියලද? යූ ටියුබ් එකේ කීයක් හරි හොයාගන්නද මන්දා... හෙණ සීරියස් වගේ වීඩියෝ දානවා. මොලේ ඇති කෙනෙක්ට තේරෙනවා ඒවා කළින් සැලසුම් කළ ඒවා කියලා...

:       1       1

Perera Sunday, 20 February 2022 11:37 PM

ප්‍රහාරයට ආණ්ඩුව ගෑවිලා නැතිනම්, කරපු එවුන් අහුවේවි නැත්නම්...! ඉතින් අනිත් ‘‘ප්‍රහාර‘‘ වගේ පරීක්ෂණ ඔහේ පැද්දි, පැද්දී තියේවි.

:       0       2

uk ran Sunday, 20 February 2022 11:39 PM

ඔයාට කොහොමත් වෙන රටක PR එකක් දෙනකන් ඕක හරි නෑ කියයි. මොකද නැතිනම් ප්ලෑන් ඔක්කොම අවුල් නේද? ලංකාවේ බැංකුවලට කීයක් ණයයිද ඔයා...?

:       2       2

ud wathu Sunday, 20 February 2022 11:40 PM

ඔයා ලංකාවේ බැංකුවලට කීයක් ණයයිද? යුරෝපයේ රටක ස්ථිරවම වීසා ලැබෙන කම් ඕක තමයි ඔය කියන්නේ...

:       2       1

Demuni Uduwara Monday, 21 February 2022 05:01 AM

පොලීසියේ මැදහත් ප්‍රතිචාරය පිළිබඳ විස්තරයක් චමුදිත ලබාගත යුතුයි.

:       1       1

Sunil Monday, 21 February 2022 08:58 AM

මේ රටේ කවදාද ප්‍රහාර පිළිබඳව නිසිලෙස පරීක්ෂණ කෙරුණේ..? පොලිසිය දැන් ගිනිකූරු සොයනවා ඇති...

:       0       1

Jaya Monday, 21 February 2022 11:32 AM

නොකියන කතාව මොකක්ද කියලා රට පාලනය කරන නායකයින්ගෙන් අහන්න මෙයා...

:       1       3

mp Monday, 21 February 2022 11:35 AM

ඒ කියන්නේ ප්‍රහාරයේ නිර්මාතෘ ඔහුමයි.

:       2       3

වහල්දේශයMonday, 21 February 2022 02:13 PM

මේ රට එක්තරා විදියක කඩිමුඩියක් ඇතුව වැඩ කරන්නේ ඡන්දෙ ළංවුණාම විතරයි. ජන මාධ්‍ය කලාව සහ විනිවිද භාවය වහල්ලුන්ගේ ශබ්ද කෝෂයේ ඇත්තේවත් නෑ. උගත්කම අඩු පිරිස් දැන්දැන් සංගීත සංදර්ශනවලදී පවා ගෝත්‍රික ලෙස හැසිරෙන්නේ සාධාරණත්වය ශිෂ්ඨ සම්පන්නකම නැති දේශපාලකයින්ට බැලමෙහෙවර කර රැකෙන සංස්කෘතිය තුළ ගෝත්‍රික බව රැල්ල යැයි සිතා විය හැකියි. මොකද මේ වගේ සාමාන්‍ය අයට ආදර්ශය අත්‍යාවශ්‍යයි. මෙතුමා බොරු කරනවා යැයි කියන වහල් පිරිස හැමෝම තම සමාජය නිවැරදි කරනු වෙනුවට බටහිර රටකට ළමයි පටවා ප්‍රශ්නෙන් පැන යන්න හදන අතර හැමදාම ජාති ආගම්වාද නිර්මාණය කරලා මගඩි වහන්න නිවට උත්සාහයක් දරනවා....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site