මුල් පෙළේ අයට බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු
කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීම ලබන මස 1 වැනිදායින් පසු ආරම්භ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.