(විමුක්ති එස් රුද්‍රිගු සහ සුජිත් හේවාජුලිගේ)

තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද (28) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී  සාකච්ඡා පැවැත්වීය.

එම හමුවීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දුන් ණය පහසුකම පිළිබඳ ආචාර්ය එස් ජයිශංකර් මහතාට ස්තුතිය පළ කළේය.