කොල්ලයක් ගැන බොරු පැමිණිල්ලක් කළ කතක් මාට්ටු
කොරෝනා මර්ධන නිල නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදුකළ කාන්තාවම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.