
උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බන්ධයෙන් රචිත පොතක් එළි දැක්වීමේ ක්‍රමවේදය විවේචනය කළ නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ දෝෂාරෝපනයට ලක් වීම නිසා එම උත්සවයේදී දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය.
එම පොත පළමුවෙන්ම නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතාට සහ නැගෙනහිට පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතාට පිළිගන්නවා පසුව ආරියවතී ගලප්පත්ති මහත්මියට පොත පිළිගැන්වීය.
එම ක්‍රියාවට විරෝධය දැක් වූ හිටපු ඇමැතිනිය කාන්තාවන් සම්බන්ධ කටයුත්තක් නම් පළමුවෙන්ම පොත පිළිගැන්විය යුත්තේ කාන්තාවකට බවට සංවිධානය මණ්ඩයට දෝෂාරෝපණය කළාය. පසුව ඇගේ කතාවේදී රාජ්‍ය නොවන සංවිධාන දැඩි ලෙස දෝෂාරෝපණය කිරීම නිසා එහි සිටි පිරිසගෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල විය.
පසුව ඇය කාන්තාවන්ගේ හූහඬ මධ්‍යයේ උත්සව සභාවෙන් පිටව ගියාය.
නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක සහ නැගෙනහිට පළාත් හිටපු ඇමැතිනී ආරියවති ගලප්පත්ති මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය. ඊට නැගෙනහිට පළාතේ කාන්තාවන් ද විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd