
ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) කොළඹදී සිදු විය.
එහිදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් ආර්ථික අර්බුදය සහ විදේශ විනිමය අර්බුදයේදී ඉන්දියාව ලබා දෙන සහයෝගය පිළිබඳ සාකච්ඡා කෙරූ බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් විනිමය හිග වීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයක සේම බලශක්ති අර්බුදයකටද මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ රටවල් හතක් සහභාගී වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට වන අතර සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජයේ ඉහළ නායකත්වය සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද බලාපොරොත්තු වන බව පැවසේ.
ආචාර්ය ජයිශංකර් මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ බවත් සැමවිටම තම අසල්වැසියාට මූලිකත්වය දෙන බවත් ප්‍රකාශ කර තිබේ.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමැති අපාට හිනාවෙනවා. ඉන්දියාවේ එක්කෙනා මුදල් ඇමැතිට හිනා වෙනවා. පින්තූරයක් ගහන්න විතරද සෙට් වෙලා තියෙන්නේ? මොකෝ ඉතින් ඒ මනුස්සයාගේ උගත් කමට ගැලපෙන්න කතා කරන්නවත් දන්න එකක්ද?
"අපි දැන් දෙමල ඩයස්පෝරාවේ සල්ලි වලින් රට ගොඩ ගන්නවා, ඩොලර් දෙනවා නම් ඊළම වුණත් දෙන්න සලකා බලන්න පුළුවන් සීන් එකක් දැන් තියෙන්නේ" කියලා.
පවුලක් කෝටිපති කරලා රටක් හිඟමනයට ඇද දමමින් සුදු ඇඳගෙන ඉන්න විරුවන්ගේ තරම...
සිංහලත් බැරි, ඉංග්‍රීසිවත් හරියට කියාගන්න බැරි මොළහතාණෝ මොන අණ්ඩර දෙමළ කිව්වද කියලා කවුද දන්නේ...?
ගූගල් අයිස් මාලුවා වගේ...
මේ ගොල්ලෝ හිනාවෙන්නේ පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට වෙන්නට ඇති...!
දැන් දෙමල්ලු හොඳයි. ඊළඟට මුස්ලිම් අයත් හොඳයි... 69 ලක්ෂයට දැන් සැපද?