
(බී .ජී. චතුරංග)
කහටගස්දිගිලියේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියකු රැගෙන ආ ත්‍රීරෝද රථයක් අද දහවල් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ අතර එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීහු ගින්න පැතිරීම පාලනය කර එය නිවා දැමීමට සමත් වූහ.
වකුගඩු රෝගයෙන් සහ අංශ භාගයෙන් පෙලෙන රෝගියකු ඇතුළු තිදෙනකු මෙම ත්‍රිරෝද රථයෙන් කහටගස්දිගිලිය මහපොතාන සිට අනුරාධපුර ශික්ෂණ රෝහල කරා පැමිණ හරිස්චන්ද්‍ර මාවතට මුහුණලා පිහිටි ගේට්ටුව අසල නතර කිරීමත් සමඟ එම රථය ගිනි ගැනීමට ලක්වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි එම රෝගියා සහ තවත් අයකු වහා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිසිවකුටත් මෙහිදී හානි සිදු නොවූ අතර රෝහලේ තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල පෙට්රල් තමයි දැන් තියෙන්නේ... ඒකයි ත්රි රෝදයේ ඉඳලා ලෑන්ඩ් රෝවර් එකට යනකම් ගිනි ගන්නේ.... ඉස්සරහට තව ගිනි ගනී...