
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙදෙනකු පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ කිලෝග්‍රෑම් 12 දශම 5 ගෑස් සිලින්ඩර විස්සක් හා කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් පොලිසිය භාරයට ගෙන ඇත.
ගෑස් සිල්වර් වෙළඳපොලේ නියමිත මිලට වඩා රුපියල් පන්සියයක් වැඩියෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අලෙවි කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
විශ්ව කලාව ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකු ගෙන් ගෑස් සිලින්ඩර ලබාගෙන එම වෙළඳ සැල ඉදිරිපිටම තබාගෙන මෙම කූට ජාවාරම සිදුකරමින් සිටි බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
වැටලීම සිදු කළ ස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩර වලට අමතරව සැකකරුවන්ගේ නිවස තුළ ද තවත් ගෑස් සිලින්ඩර පහක් තිබී පොලිස් බරයට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිළධාරියෙක් පැවසීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd