
(අංජුල මහික වීරරත්න)
රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායකයා රට බාර ගතහොත් පැය 48ක් ඇතුළත පෝලිම් අවසන් කරන බව තමා කැට තබා පවසන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ ලන්ඩන් හවුස් ඔෆ් කොෆී හිදී පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකි
පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ සැනින් ජාත්‍යන්තර උපකාරය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයා කරයි... බලය නැතිකොට උඩ පනිනවා.. බලය ගත්තාම අනා ගන්නවා.
ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකි පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතුවේ... රනිල්ගේ පාර්ලිමේන්තු අසුන නොවැරදීම අගමැති අසුන විය හැකියි...
එහෙනම් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ මළගම ළංවූ බවක් හිතෙනවා. අපි මෙහෙම කියමුකෝ..! අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිකෝ.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී..! තේසංවූප.. සමෝසුඛෝ ......
රාජපක්ෂලා බලයට ගේන්න ඡන්දෙ දුන් බයියන් 69 ලක්ෂෙට රනිල් අගමැති කරනවාට වඩා ලොකු අපහාසයක්, දඬුවමක් නැත. අපූරුයි මහරජ !
මේවට කොහෙන් හිනා වෙන්නද?
IMF කාරයොත් අල්ලගෙන පස්ස දොරින් විධායක බලතල ගන්න වගේ යන්නේ...? හැරෙන කොට කියන්න පුළුවනි කන්න හදන්නේ පොල් පැලේ කියලා...
රෝහිත ඇමැතිවරයා කියනවා එහෙම කරන්න මොළේ අමාරුවක් නැහැ කියලා... කොහොමත් මේ පාණ්ඩුව මෙහෙයවන කෙනෙක් කියලා හිතෙනවා.