
(විමුක්ති එස්. රොද්‍රිගූ)
දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ බව පාර්ශවයන් දෙකක් විසින් අද (28) තහවුරු කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත 70% කින් පහත වැටි ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
මේ හේතුවෙන් රුපියලේ අගයද පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණු සේසතම නාස්ති කරලා, රටේ කොටස් විකුණලා, ඒ මුදලත් ඉවර කරගෙන දැන් තවතව ණය යදිමු... රට තවතවත් අගාධයට ඇද දමන්නට...
දශක ගාණක් මේ පාලකයෝ බලයේ ඉඳලා කරලා තියෙන්නේ රට ණය කරලා තම තමන්ගේ බඩ වඩාගැනීම පමණයි... ජනතාව අන්තිමට දුකට පත්වුණා... තවත් ලැජ්ජාවක් නැතිව තව පාරක් බලේට එන්න කෑදර කමට නොයෙක් ගැට ගහනවා...
කොහොම ගෙවන්න හිතන් ඉන්නවද මන්දා..?
මේ පාලකයන්ට තේරෙන්නේ නැද්ද මෙහෙම සීමාවක් නැතිව ණයගත්තාම වෙනදේ...?
කොයිම දේවත් මුදලින් නම් දෙන්න එපා. ඉන්නේ ඔක්කොම කම්බ හොරු.. සල්ලි ටික කුදලාගෙන හැත්ත බුරුත්තම හැඳිගෑවිලාම යයි.. ගෙවන්න වෙන්නේ දුප්පත් රටවැසියන්ට...
මෙයාලා සල්ලි අතට නම් දෙන එකක් නැතිවෙයි. හේතුව කැරැට්ටුව දන්නවා අපේ අයියලගේ...
මේ රටට කරන විනාසෙට නම් හෙණ ගහනවා...