(නිමල කොඩිතුවක්කු)

වසරේ මේ  දක්වා කාළය තුළ සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තා අනුව ජනවාරි මාසයේදී සංචාරකයන් 96,507 කුත් පෙබරවාරි මාසයේ සංචාරකයින් 82327 කුත් මාර්තු මාසයේ 24 වන දින දක්වා සංචාරකයන් 84,287 ක් පැමිණ තිබේ.

පසුගිය ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 24 වන දින දක්වා ඉන්දීය සංචාරකයන් 43,358 ක් මෙරටට පැමිණ තිබේ.

රුසියානු සමූහාන්ඩුවෙන් සංචාරකයන් 36,826 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 26 863 ක් පැමිණ තිබේ.

ජර්මනියෙන් 20,740 ක් හා ප්‍රංශයෙන් 13,780 ක් සංචාරකයන් එම කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙයට අමතරව පෝලන්තය, ඇමරිකාව, කසකස්ථානය, කැනඩාව හා ඉරානය එම කාල සීමාව තුළ මෙරටට සංචාරකයන් පැමිණි ප්‍රධාන රටවල් අතර වේ.