(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 6 දෙනකු ඊයේ (27) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,465 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර, වයස අවුරුදු 60 ට වැඩි පස්දෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර එක් අයකු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය සිව්දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.