පැන්ඩෝරා අතුරු වාර්තාව ජනපතිට ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියාවන තිරුකුමාර් නඩේෂන් මහතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 04 November 2021
අඳුරදුරු කර ආලෝකය ප්‍රර්ථනා කරන දිනය අදයි මිනිස් දිවියේ අඳුර දුරු වී අලෝකය උදා කිරිම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු බැතිමත්හු අද දීපාවලී උත්සවය මහත් හරසරින් සැමරූහ. 04 November 2021
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පාලනය ඉවතට සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. 04 November 2021
“බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ’’ අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 04 November 2021
අද කාලගුණ තත්වය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (4) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 November 2021
මත් ජාවාරම්කරුවකුගේ ලක්ෂ 800ක වාහන පොලිස් බාරයට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශණ කොට්ඨාෂයේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය. 04 November 2021
නැනෝ දියර පොහොර ගුවනින් මෙරටට ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 04 November 2021
බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය. 03 November 2021
අද ආසාදිතයන් 581ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 107 දෙනකු අද(3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 November 2021
ජනපති රාජ්‍ය නායකයන් හමුවෙයි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කළේය. 03 November 2021
“සමාගම් 40කින් පෞද්ගලික බැංකුවකින් බදු මුදල් ගෙවීම පැහැර හැරලා’’ ප්‍රධාන පෙළේ සමාගම් හතළිහක් සහ පෞද්ගලික බැංකුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)පවසයි. 03 November 2021
ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2021
මධ්‍යම කඳුකරයට මහ වැසි:නගර මංමාවත් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයට අද සවස සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අකුරණ නගරයෙන් ඒ -09 මාර්ගය සහ දුනුවිල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය. 03 November 2021
සැක සහිත කරුණු ගැන කතා කරද්දී සී.අයි.ඩීයට කැඳවීම අනුමත කරන්නේ නැහැ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 03 November 2021
මාවනැල්ල උපසභාපතිට විරුද්ධව පැමිණිල්ලක් මාවනැල්ල මෙඩේරිගම විදුහලේ දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (3) උද්ඝෝෂණයක නිරතව සිටියදී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා දෙමාපියන්ට බැණ තර්ජනය කර බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට ඇතුළුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 03 November 2021
“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය 03 November 2021
“කාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා’’ කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 03 November 2021
කොවිඩ් මරණ 21ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 November 2021
සතොසෙන් පැවැති මිලට සීනි දිගටම රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ‘ලංකාදීප’යට අද (3) පස්වරුවේ පැවසීය 03 November 2021
කොවිඩ් ආසාදිතයන් 474ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 474 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 November 2021
සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම කැඳවීම ලබන සඳුදා පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 November 2021
වාහනය බලෙන් හප්පා සල්ලි කොල්ලකන කල්ලියක් රිය අනතුරු සිදු කොට ඊට ලක්වන පාර්ශ්වය බිය ගන්වා කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. 03 November 2021
කලාභූෂණ රාජ්‍ය සම්මාන උළලේදී... 36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (03) පැවැත්විණ. 03 November 2021
ගෑස් නැතිව විදින දුකක් මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. 03 November 2021
කුඩු කිලෝ 300 සිද්ධියේ යාත්‍රා හිමිකරුට ඇප ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඞ් බාරයට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 03 November 2021
හෙද සංගමයත් විරෝධයේ ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා හෙද සංගම සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (03) පැවැත්විය. 03 November 2021
සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 03 November 2021
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 03 November 2021
සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක් පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 03 November 2021
සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක වාරියපොළ ප්රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට අද පෙරවරුවේ දැනුම් දුන්හ. 03 November 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026