(යොහාන් භාසුර)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ධාවනය කිරීමට නියමිත දුරගමන් සේවා විශේෂ පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඩීසල් ලබාදෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

රත්මලාන, මහරගම, තලංගම, මොරටුව, මට්ටක්කුලිය සහ මාකුඹුර යන ස්ථානවලදී එම පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදෙන බව ද රණවක මහතා වැඩි දුරටත් කීය.