(යොහාන් භාසුර)
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ.
බොහෝ රාජ්‍ය සේවකයින් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කර ඇති බවත් ඔවුහූ අද දහවල් සේවා ස්ථාන ඉදිරියේ විරෝධතාව දැක්වීමට සූදානම්ව සිටින බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පැවසීය.
එම ආයතනවලට සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්විය හැකි බැවින් අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවක් හැර සෙසු සේවා සඳහා නොපැමිණෙන ලෙසත් බොහෝ ආයතනවල සේවයින් කොළඹ පැවැත්වෙන විරෝධතාවට සහභාගි වන බැවින් රාජ්‍ය ආයතනවල සේවකයින්ගේ අඩුවක් ඇතිවිය හැකි බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජනය කරන දිනට පඩි ගන්න එපා. නැතිනම් ඔබලාවත් වැඩ නොකර පඩි ගන්න සමහර ඇමතිලා වගේ වෙයි.