(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (8) දහවල් 11.40ට පමණ විරෝධතාවක යෙදීම හේතුවෙන් සභාපති වරයාට සභාව  දෙවරක්කල් තැබීම ට සිදුවිය.

සභාපති සරත් නන්දසිරි රණතුංග (පො.ජ.පෙ.) මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවතිණි .

නිළ කාලය අවසන්ව ඇති සභාවේ මේ වන විට සිටින්නේ පින් මන්ත්‍රීවරුන් බව සඳහන් කළ එක්සත් ජාතික පක්ෂයේ ධම්මික අත්තනායක මහතා මෙම සභාවෙන් ජනතාවට සෙතක් විය යුතු බව පවසමින් විරෝධතාවය දැක්විය. 

ඒ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ඇතුළු සෙසු පක්ෂ මන්ත්‍රීවරුන් ද විරෝධතාවට එක් වීම  හේතුවෙන් සභාපති වරයා දහවල් 12.20ට පමණ සභාව කල් තබා  අසුනින්බැස ගියේය.

පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටත කල් කරමින් සිටියදී  විරෝධතාවේ යෙදුණු මන්ත්‍රීවරුන් ද එම ස්ථානයට ගමන් කර  විරෝධය පවත්වන අතරතුර යළි සභාව රැස්කිරීමට සභාපතිවරයා පියවර ගනුලැබීය.

ඉන් අනතුරුව දෙපක්ෂය වාද විවාද මැද සභාවේ කටයුතු පවත්වාගෙන ගියත් සිසිර චමින්ද විතාන මහතාගේ අදහස් දැක්වීම සමග යළි සභාවේ ගාලගෝට්ටියක් ඇතිවීමෙන්  12. 45 ට පමන සභාපතිවරයා යළි සභාව කල් තැබීය.