
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවිජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව පැවසූ හේරත් මහතා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් වෙනුවෙන් හිට ගන්නා බවද සඳහන් කළේය. දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට උත්තර සෙවිය නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ ප්‍රකෘති මනසකින් නොවන බව පැවසූ විජිත හේරත් මහතා ප්‍රකෘති මනසක් තිබේ නම් මේ ආකාරයට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ ආයෙත් විජිත සහෝදරයාගෙ මීටර් 100 දිවීමේ තරගය බලාගන්න පුලුවන්. අර්බුදයට සතියක් ගියා. තොපි 225ටම ඒකට උත්තරයක් හොයාගන්න බැරිවෙල කියන්නෙ තොපි 225 ම ෆේල් ෆේල් ෆේල්
ප්‍රකුර්ති මනසක් තියෙන කොට තමයි පාර්ලිමේන්තුවේ මීටර් සීය දුවන්නේ. යටත්විජිත තුමා හරි!
මොනවා කරන්නත් කලින් දේශීය අදායම් පනත සම්මත කරගන්න . මොකද ඉන්න හොරු ටික මාරු වෙන එක විතරයි වෙන්නේ . ඉපදෙන දවසේ ඉදන් ඉන්න හැම කෙනාම බදු ස්ය්සේට්ම් එකට දාන්න ඕනේ . විනිවිධ බදු ක්‍රමයක් අපේ රටට ඕනේ. අපි ආණ්ඩු මාරු කලාට වැඩක් නැ හොර කම නවත්තනං නැත්නම්.දැන් බලන්න පුළුවන් ඇත්තටම රටට ආදරේද නැත්නුම් බලය ගන්නද කියල .
ජෙප්පන් හිතනවද ඔවුන්ට රජයක් කරන්න හම්බවෙයි කියලා..?