
(යොහාන් භාසුර)
ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම උද්ඝෝෂණ සඳහා උපරිම මැදිහත්වීම ලබාදෙමින් ජාතික ජනබලවේගය හැටියට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා කීය.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම අනිවාර්යෙන්ම වියයුතු බවත් එසේ වුවහොත් අන්තර් කාලීන පාලනයක් සඳහා වන ජාතික ජනබලවේගයේ යෝජනා ඉදිරිපත් කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ නිර්පාක්ශික විරෝධතා කියලා මිනිස්සු එලියට බැහැල අන්තිමට ඔයාලවද අපි බලයට පත් කරන්නේ? මිනිස්සු කිව්වේ 225 ම එපා කියලා ..ඒ 225 නෙමෙයිද එතකොට ඔයාලා ඉන්නේ ? මේවා දෙපාරක් හිතන්න ඕන ප්රශ්න
මු පිස්සෙක්. ඩොලර් එක 325/- යි. තව උද්ඝෝෂනය කරන කොට තව රට විනාශ වෙනවා. තොපිත් ඇතුළුව 225ම එපා. ගෝඨාත් එපා. විද්වත් මණ්ඩලයකට රට භාරදිපල්ලා.
ද්වේෂයෙන්, වෛරයෙන් පිරුණු සිත් කතා කරන්නේ සහ ක්රියාකරන්නේත් ද්වේෂයෙන්මයි, වෛරයෙන්මයි...
මෙතුමාගේ පුතා කොහෙද ඉන්නේ...?
අරගල පක්ෂ දෙකම ගෙදර යවන්න.. ජවිපයට ජයවේවා...!
මොහු හදන්නේ රට විනාශ කරන්නයි. ටයර් සෑයක් හදමු. මොවුන්ට රට ගියොත් රට විනාසයි.