(ඩයනා උදයංගනී)
යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා මහතා කීවේය.
හිටපු අගවිනිසුරුවරයා මෙසේ ද පැවසීය.
“රටේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි අර්බුදයක් මතුවී තිබෙනවා නම් එයට විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි. විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යෝජනා සම්මතයක් ගෙනාවා.
මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා. යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි.
බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.”
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අගමැතිවරයෙක්-ඇමැති මණ්ඩලයක් පත්කර ගන්න ව්‍යවස්ථාපිත බලයක් තියෙනවා
siri Thursday, 07 April 2022 08:19 PM
අනේ මහත්තයෝ දැන් මෙහෙම කියල පස්සේ " සමා වෙන්න මට " කියල කියන්නේ නැහැ නේද ?
Mo77 Friday, 08 April 2022 05:20 AM
රට මේ තත්වෙට වැටෙන්න මේ පුද්ගලයත් සම්බන්ධ. ඔහොම කිව්වා හිරගෙට යවන්න ඕන මිනිහා මම රජගෙට යැව්වා කියලා. මෙහෙම වැදිබණ වැඩක් නෑ. ගෝඨ gogo home.
විජිත් Friday, 08 April 2022 07:51 AM
මම හිතුවේ මේකා කුරියා ගහලා කියලා. අවාසනාවකට තවමත් ඉන්නවා එක එකාට පක්කලිකම් කරමින්. මහින්ද රාජපක්ෂ සුනාමි සල්ලි හොරා ගත්ත බව ඔප්පුවෙලා තිබෙනබව දැන දැනත් ඒ නඩුව ඇසු අගවිනිසුරු වරයා ඔහුව නිදහස් කළේය. ඒ නඩුව ඇසු පට්ට දුෂිත අගවිනිසුරා මේ තක්කඩි නාකියයි. කාලයකට පසු මොහුම ඒ බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළා. දුෂණ චෝදනා රැසක් ඇති මොහු අනාචාරයේ හැසිරී පොලිසියට අහුවුනා. අන්තිමට සිදුවුනේ කුමක්ද...? මොහුවයි ඒ ගැහැනියයි අල්ලාගත් නීති ගරුක පොලිස් නිලධාරියා සේවා ස්ථානයෙන් වෙනත් පොලිසියකට මාරු කිරීමයි. ජිවිතාන්තයට හිරේ සිටිය යුතු අපරාධ කාරයෙකි...!!!
දාස Friday, 08 April 2022 01:51 PM
මෙරටට මහා විනාශකාරි තින්දුවක් තමන් දුන් බව ප්‍රකාශ කල මොහු හිරගෙදරට දක්කන්න ක්‍රමයක් නැද්ද