(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් අද(7) පැවැත්විණ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳ ඉහත හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසනු ලැබීය.
ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා, සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ ලෙස කරුණු විමසනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවුනු දැක ගත හැකි විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති-රනිල් අතර විශේෂ හමුවක්