(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව කරනවා නම් හරියට කරමු නැතිනම් අත්හිටවමු යැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුළු රටම පාර්ලිමේන්තුව දෙස බලා සිටින මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතා වැදගත් වන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

"මුළු රටම අප දිහා බලාගෙන ඉන්නවා .මේ පාර්ලිමේන්තුව කරනවා නම් අප හරියට කරමු. නැතිනම් මෙි වැඩ කටයුතු අත්හිටවමු.මෙහෙම හැසිරුනොත් අපට පාර්ලිමේන්තුවෙන් පිටව යන්නට බැරි වේවි"යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිලිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය පැවැත්වෙමින් තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ මන්ත්‍රීවරුන් වාදයට අදාළ නොවන අයුරින් අදහස් දැක්වීම නිසාය.

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විනාඩි පහකට පාර්ලිමේන්තු කටයුතු  අත්හිටුවන බව නිවේදනය කළේය.