(ඉන්දිකා රාමනායක)
කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සදහා දරුවන් සහභාගි කරවීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා මවුපියන් හා බාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
පසුගිය දිනවල පැවැති විරෝධාතා සහ උද්ඝෝෂණ සදහා දරුවන් සහභාගි කරගත් අවස්ථා දැකගත හැකි වු බවත්, ඇතැම් පාසල්වල ගුරුවන්, පාසල් සිසුන් ද ඒ සදහා කරගෙන තිබු අයුරු නිරීක්ෂණය වු බව සභාපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් යම් පුද්ගලයන් ළමා ආරක්ෂ අධිකාරියට දුරකතනයෙන් දැනුම් දුන් බවත්, එවැනි අවස්ථා රැසක්ම ළමා ආරක්ෂක අධිකාරියට නිරීක්ෂණය වු බවත් සභාපතිවරයා කීය.
මෙවැනි මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි අතරතුර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයන් හා ගැටුම් හේතුවෙන් විවිධ පාර්ෂවයන්ට පීඩාවට පත් වු බවද සභාපතිවරයා සඳහන් කරයි.
දරුවන්ට ඡාන්ද අයිතියන් නොමැති බවත්, මෙවැනි උස්ඝෝෂණ සදහා ළමයින් සහභාගිකර ගැනීම හේතුවෙන් ඔවුන් විවිධ අනතුරු ලක්වන වා සේම ඔවුන් කායික , මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බවද සහාපතිවරයා සඳහන් කරයි.
ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සියලු පාර්ශවයන්ගේ වගකීම ලෙස සලකා මහජන උද්ඝෝෂන හා විරෝධතා පෙළපාලි සදහා ළමයින් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසට දෙමාපියන්, බාරකරුවන් ඇතුලු සියලු පාර්ශව වලින් කාරුණිකව ඉල්ලා සිටින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උද්ඝෝෂණවලට දරුවන් යොදාගන්න එපා
WCA Thursday, 07 April 2022 07:51 PM
අර අනුරධපුරේ ළමයින්ට නම් ඔයගොල්ලොන්ගේ කට්ටිය හොදටම කරලා තිබුනේ .
හිරුෂ Thursday, 07 April 2022 07:54 PM
හදිස්සියෙ ළමයි මතක් වෙලා,කඳුළු ගෑස් ගහන්න ඕන හින්ද
darma Thursday, 07 April 2022 07:54 PM
ඒක ඇත්ත අපි මේ දවස් ටිකේම ගිය.හැබැයි පොඩි එවුන් ගත්තේ නෑ . ඕව කරන්නේ කිසිම වගකීමක් නැති ජෙපි ගුරාල.ටියුෂන් කාරයෝ මං බලාගෙන අල්ලපු ගෙදර අන්කල් කියනවා කොල්ලට තෝ ඕවට ගියොත් හතර හඳි කඩනවා කියල.පොරට ඉන්නෙත් එකයිනේ
Bamunuarachchi Thursday, 07 April 2022 09:22 PM
ජෙප්පන්ට ඉන්නේ දරුවන් සහ ලදරුවන් වගේ හිතන එවුන්.