
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මිරිස්ගෝනියාව හන්දියේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට අද (08) අලුයම ඇතුළු වූ කොල්ලකවන් පිරිසක් නිදා සිටි නිවැසියන්ට යම් රසායනික ද්‍රව්‍යක් මුහුණු වලට අල්ලා තදින් නින්ද යාමට සලස්වා නිවසේ තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
අලුයම 3 ට පමණ මෙම කොල්ලකරුවන් නිවසේ පිටුපසින් ඇතුළු වී නිවසේ ඉදිරිපිට ජනේලයක යකඩ රාමු ගලවා නිවසට ඇතුළු වී ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ද මෙම කොල්ල කරුවන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසේ තිබූ මුදල් සහ රන්භාණ්ඩ රැගෙන නිවසේ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ද රැගෙන එම පිරිස පළා ගොස් ඇතැයි නිවැසියන් පොලිසියට පැමිණිලි කොට තිබේ.
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තිබී ඔවුන් රැගෙන ගිය මෝටර් රථය දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. තමන් මෙන්ම නිවසේ ඇතිකළ සුනඛයාද සිහිමද ගතියකින් පසුවන බවද නිවැසියන් පොලිසියට පවසා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd