සරසවි ඇදුරන් 25ක් කෝටි හයක් කාබාසිනියා කරලා පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට 2009 සහ 2017 අතර කාලයේදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලබාදී තිබුණද ඔවුන් උපාධි පාඨමාලා අතරමග අතහැර දමා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව)පවසයි. 11 December 2021
බසය උඩුකුරුව පෙරළී මගීන් 11 රෝහලේ පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 11කණුව පුදේශයේ බස් රථ අනතුරක් උඩුකුරුව පෙරළීමෙන් මගීන් 11දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව වනාතවිල්ළුව පොලීසිය කියයි . 11 December 2021
ආයෝජන මණ්ඩලයේ සභාපති යළි ඉල්ලා අස්වීමේ සූදානමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා එම ධූරයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් ප්‍රකාශ කළ බව ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 December 2021
නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට හදිසි ස්ථානමාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර නව රාජකාරි සඳහා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 11 December 2021
මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් තහනමක් මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී. 11 December 2021
විසර්ජන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 11 December 2021
පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම පැයකට ආසන්න කාලයක් අක්‍රියවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් ඇතුළු සේවකයන් දස දෙනෙකුගෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 11 December 2021
රාජ්‍ය ආයතනවලට විදුලියෙන් දුවන වාහන රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 11 December 2021
ආදායම් කන්තෝරුවේ වැඩගැන කෝපා කමිටුවෙන් විමර්ශනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්රැස් කරගත් මුද්දර බදු ආදායමෙන් පළාත් සභාවලට ප්‍රේෂණය කළ යුතු රුපියල් කෝටි 230 කට ආසන්න මුදලක් එලෙස ප්‍රේෂණය නොකර රඳවා තබා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 11 December 2021
ඩොලර් ගැටළුවට අයි.එම්.එෆ්. යනවාද තීරණය අනිද්දා රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ් )යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 11 December 2021
පළාත් කීපයකට තවදුරටත් තද වැස්ස බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලියේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 December 2021
මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මාතලේ පලාපත්වල ප්‍රදේශයේ ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින්වු මුදලකට ව්යාපාරියකුයට ලබා දී ඇතැයි මාතලේ ප්‍රදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හන්දෙනිය මහතා පවසයි 11 December 2021
දරුවන් පාසලේ නැතිනම් මාපියෝ හිරේ කොවිඩ් 19 වසංගතය හමුවේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත්, දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවත් ග්‍රීක රජය පවසා තිබේ. 11 December 2021
එන්නත් නොගන්නා අයට දඩ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය කියයි. 11 December 2021
සැකකරුට ගෙනා බත් පාර්සලයේ මස් අස්සෙ මත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකුට ලබා දීම සදහා රැගෙන විත් තිබු බත් පාර්සලයක මස් කැබලි තුළ සුක්ෂම ලෙස සගවා තිබී අයිස් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය පැකට් 04 තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 10 December 2021
අදත් ආසාදිතයන් 750 ඉක්මවයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 187 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 December 2021
තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩබා තිබේ. 10 December 2021
එතෙර සිට මෙතෙර එන 12ට අඩු ළමුන්ට පී.සී.ආර් වාර්තාවක් අවශ්‍ය නෑ විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙනුවෙන් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැතැයි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 10 December 2021
රුහුණු කුමාරිට දෙදරු මවක් බිලි අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් පයාගල ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී දෙදරු මවක් මියගොස් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය කියයි . 10 December 2021
කොවිඩ් මරණ තරමක අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 December 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 567 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 567 දෙනකු අද(10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 December 2021
මුරුත්තෙට්ටුවේ හිමිගෙන් සරසවි සිසුන්ට රෙදි සෝදන යන්ත්‍ර කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ මැදිහත්ව එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැදී සිටින ශිෂ්‍යාවන්ට රෙදි සෝදන යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අභයාරාමයේදී අද (10) පැවැත්විණි. 10 December 2021
2022 අය වැය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය. 10 December 2021
’’රටතුළ විදේශ මුදල්වල දැඩි අර්බුදයක් තියනවා’’ රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් මෙන්ම විදේශ සංචිත පිළිබඳවද බැරෑරුම් තත්වයක් පවතින බව පිළිගන්නේ යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 December 2021
අප්‍රිකා රටවල් 6ක මගින්ට එරෙහි තහනම ඉවතට දකුණු අප්‍රිකාව, ඇතුළු අප්‍රිකා කලාපයේ රටවල් 6ක සංචාරය කළ ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද පැවසීය. 10 December 2021
රත්වත්තේ බන්ධනාගාරවලට කඩා වැදීම ගැන විමර්ශනයක් බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදී සිදුකළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත. 10 December 2021
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට නොතීසී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන් ජනප්‍රිය සහ ජාතික පාසල්වලට ඇතුලත් කර ගැනීම සදහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (10)නොතීසි නිකුත් කළේය. 10 December 2021
වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරියේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. 10 December 2021
‘අවිස්සාවේල්ල සිට පෑලියගොඩ තෙක් කැලණි ගඟ දෙපස රක්ෂිතයක් කරන්න යයි‘ අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ දෙපස රක්ෂිත කලාපය ඉක්මණින් ලකුණු කොට ගැසට් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය. 10 December 2021
සජබ මහලේකම් කෝටියක වන්දියක ඉල්ලයි ජනතාව රැස්වන සංඛ්‍යාව සීමා කිරීම් ඇතුළු රෙගුලාසි ගණනාවක් අඩංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනතාවගේත් තමන්ගේත් , මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක් ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 10 December 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026