විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට
2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ්රායලයේ එපියාත් නුවර, ’යුනිවර්ස් එරීනා’ රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි.