පොලිස් නිල ඇඳුම්,අත් විලංගු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස පොලිස් නිල ඇඳුම් කට්ටලයක්, අත් විලංගු දෙකක්, පොලිස් යතුරුපැදියක් සහ පොලිස් නිලධාරීන් භාවිතා කරන අංක තහඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොට්ටාව ප්රදේශයේ දී ඊයෙ (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි .