ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ. 13 January 2022
යතුරු පැදිවලින් රේස් පැද්ද පහක් අල්ලයි හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් දෙනකු යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලීසිය කියයි. 13 January 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගිහු අපහසුතාවයට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 13 January 2022
තැන තැනට අදත් පොඩි පොඩි වැසි මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2022
කමිල් මිෂාරටත් ‘කොවිඩ්’ සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 16 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (12) රාත්‍රී ‘ලංකාදීප’යට පැවසීය. 12 January 2022
සිසුවියන්ට අමුතු පාඩමක් කියා දුන් කොස්තාපල් මාට්ටු පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 12 January 2022
කොණ්ඩගලින් පැන්න රුසියානුවගේ පැරිෂුටය ගුවනේදී අක්රිවෙයි දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය පවසයි. 12 January 2022
ගෙවුණු දෙවසර විපක්ෂයට භාරදී ඉදිරි තෙවසර ගැන අපේක්ෂා තබන්න කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 January 2022
අම්පාර උක් ගොවියෝ පාරට බසිති හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. 12 January 2022
කොවිඩ් ආසාදිතයන් තව 653 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 653 දෙනකු අද (12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 12 January 2022
වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයට වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 12 January 2022
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 January 2022
වැල්ලවත්තේ මළ සිරුර හඳුනාගනියි වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ නාඳුනන මළ සිරුර සිය සොයුරාගේ බව ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු අද 12 පැමිණ හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි 12 January 2022
යාපනයේ සරසවියේ ගැටුමකින් දෙකකට තුවාල යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (12) සවස ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 12 January 2022
දේවස්ථානයෙන් හමුවූ බෝම්බයේ තොරතුරු එළියට බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තවරයන්ගේ දේවස්ථානයේ තිබූ පිපිරීමට සකස් කරන ලද අත්බෝම්බය සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (12) රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය. 12 January 2022
අත්බෝම්බය සිද්ධියේ පරීක්ෂණ සී.සී.ඩියට බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇති බව පොලිසිය කියයි. 12 January 2022
කොහුවල ගුවන් පාලමට මුල්ගල තබයි කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස ක්‍රියාත්මක කොහුවල ගුවන් පාලම ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ යන මහත්වරු අද (12) පස්වරුවේ මුල්ගල් තැබූහ. 12 January 2022
පාර්ලිමේන්තුවේ හෙට විශේෂ පෙරහුරුවක් නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට (13) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 12 January 2022
වාහන ගෙන්වන දවස් මහ බැංකු අධිපති කියයි රට තුළට විදේශ විනිමය සාමාන්‍ය පරිදි ලැබීම ආරම්භ වීමෙන් පසුව නැවත වාහන ආනයනය කිරීමට අවසරදීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) පැවසීය. 12 January 2022
අනතුරක් අස්සේ තවත් අනතුරු වැළක් හැටන් - කොළඹ මාර්ගයේ යටියන්තොට අලිවත්තේදී මෝටර් රථයක් කැලණි ගඟට වැටී ඇති අතර එම ස්ථානයේදී සිදුවු තවත් අනතුරකින් රථවාහන පහකට හානි සිදුව ඇතැයි යටියන්තොට පොලිසිය කියයි. 12 January 2022
පෙබරවාරියේදී වගා සංග්‍රාමයක් රටපුරා ගෙවතු වගා සංග්‍රාමයක් ලබන පෙබරවාරි මාසයේදී අරඹන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 12 January 2022
මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින 5ක් තිස්සේ ඇරලා මවුස්සාකැලේ ජලාශයේ සොරාව්ව දින 5 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවති. 12 January 2022
තැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 12 January 2022
ඉදිරියේදී වැලිත් පිටරටින් ගෙන්න වේවි තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවත්, ඇතැම් විට වැලි ආනයනය කිරීමට පවා සිදුවිය හැකි බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 January 2022
පාස්කු නඩුවක් මාර්තු 3 වැනි දාට කල් යයි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළැයි මුස්ලිම් පූජකවරු ඇතුළු 25කට එරෙහි පවරා ඇති නඩුවේ විභාගය ලබන මාර්තු 3 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 12 January 2022
උලපනේ හිමිගේ පෙත්සමට කරුණු කියන්න බැසිල් අධිකරණයට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට අභියාචනාධිකරණය අද (12) පෙත්සම්කරුවන්ට නියෝග කළේය. 12 January 2022
වජිර එළවළු මල්ලක් රැගෙන සිරිකොතට එයි ලෙඩෙකුට සුප් එකක් හදාගෙන බොන්න බැරි තත්වයකට වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය වලපල්ලට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (12)පැවසීය. 12 January 2022
නවීන පිස්තෝල දෙකක් හෑගොඩ නිවසකින් එළියට බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවසකින් නවීන පිස්තෝල ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 12 January 2022
කොළඹ සරසවියට නව උප කුලපතිවරයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත. 12 January 2022
බාලවයස් දරුවෝ දෙන්නෙක් නාගොල්ලාගම කැලයෙන් මතුවෙති බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී අද (12) සොයා ගත් බව නාගොල්ලාගම පොලිසිය කියයි . 12 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026